Wednesday, August 2, 2017

kandakola

yako edain passé Mata halapath epa una eka othana koleth epa Una. Ekath soththiya hinda thama. Man passé sawistharawa liyannan sinhalenma. Dan me phone eken hinda ba.

Saturday, July 22, 2017

සොත්තියා

මට මූව ඉස්සල්ලම හම්බවුනේ 10 වසරෙ දී. ඒකත් මං ජපන් තෝරගත්ත නිසා. ඒ කාලෙ නම් නිකන් බබා වගේ. මුකුත් ම දන්නෑ වගේ හිටියෙ. කොටින් ම කිව්වොත් මට මූ ළගක දී කිව්ව උගෙ ඊ- මේල් එක තාත්තාගෙ මොබයිල් එකෙනුත් බලත හැකි කියලා. බලාගෙන ගියපුහම මේ යකා ඊ- මේල් එකෙන් ලොග් අවුට් වෙන්නවත් දන්නෑ. මේ වගේ කාලකණ්නියෝ හිටිය ම තමයි අපේ රට දියුණු වෙන්නැත්තෙ. මොකෝ මූ මොබයිල් එකක් ලැප් එකක් දැකපු නැති එකෙක් ඈ? ඉතින් අපේ රට හැමදාම  “ සංවර්ධනය වෙමින් ” තමා. අනෙ අම්මපා මට මූව මතන් වෙනකොටත් තරහයි යකෝ. සීරාවටමයි බං කියන්නෙ. උඔලට එහෙම තරහ යන්නැද්ද? ඒක මගෙ දුර්වලකමක් ද? නැත්තං තමුසෙලත් දන්නැද්ද ලොග් අවුට් වෙන්න?
හැබැයි දැන් දවස් දෙන තුනකට ඉස්සෙල්ලා මට ආරංචි වුණා මූ ඉස්කෝලෙ ඇරිලා හවසට සිසු සැරියෙ ගෙදර යනකොට කෙල්ලොන්ගෙ බස්වලට වතුර ගහනවා කියලා. ඒක කමක් නෑ කියමුකො, ඌත් කොල්ලෙක් නෙ. දවසක් මං උගෙ බෑග් එක ඇරියම සිරින්ජරයක් හම්බ වුණා. මං මොකට ද කියලා ඇහුවහම ඌ කියපි, කෙල්ලොන්ට වතුර ගහන්න කියලා. චික් විතරක්! ලැජ්ජ නැති වැඩ. යකෝ බෝතලෙන් ම ගැහුවනං කමක් නෑ. ඒත් නිකං පොඩි උං වගේ සිරින්ජර්වලින් ගහන්නෙ.
එව්ව කමක් නෑ කියමුකො. මූ දවසක් අපෙ ඉස්කෝලෙ ටී-ෂර්ට් එක පංති ඇදං ගිහිල්ල. අපෙ ඉස්කෝලෙ නම දැක්කම කෙල්ලො වශී වෙනව ඩෝ. ඉතින් දැන් මූ කියනවා කෙල්ලො පස්සෙන් එනවා කියලා. හැබැයි මුගෙන් කට්ටියටම පොඩි ආදර්ශයක් ගන්න පුළුවන්. අපි ජාති භේද, අර භේද , මේ භේද කියලා භේද ඇති කරගන්න ඕනෙ නෑ කියලා මූ පෙන්නුවා.‍ දැන් කට්ටියට ප්‍රශ්නෙ කොහොමද මූ පෙන්නුව කියලා. ඇයි බං මුගෙ පස්සෙ මුස්ලිම්, දෙමළ, බර්ගර් කෙල්ලො එන එක අපිට ආදර්ශයක් නෙවෙයි ද? කොහොම හිටපු එකා ද මේ.
මං මේ කිව්වෙ සොත්තියා ගැන. ඒක උගෙ official name එක. පස්සෙ දවසක මං කොටි මල්ලි ගැන කියන්නංකො. දන්නවා ඇතිනෙ ඌව. උටත් blog එකක් තියනවා.
                                                   kotimalli.blogspot.com
එතකොට e-mail වලින් log out නැත්තං sign out වෙන්න දන්නැති කාලකණ්නියො ඔය රූපෙ රවුම් කරල තියෙන තැන ක්ලික් කරල බලන්න. එතකොට sign out කියලා එයි. එතන ක්ලික් කරන්න.



Koti malii  ගේ වංහුං පසුව බලාපොරොත්තු වන්න.

Monday, May 29, 2017

power point වලට animation

video
power point එකට animation දාන්න දන්නැති උදවියටයි මේ.

Wednesday, May 3, 2017

ලංකාවේ ඉස්කෝලවල සිල්

මං මේ කියන්න යන කතාව මේ කාලෙට ගොඩක් අදාළයි. ඒ මොකද මේ දවස්වල school ළමයි සිල් සමාදන් වෙනවා; ඇත්ත ම කිව්වොත් උන් දන්න සිලක් නෑ ඩෝ, speaker වල යන ඒව repeat කරනවා එච්චරයි. මං මේක වගකීමෙන් කියන්නෙ මොකද ඒ සිල් පද 8න් මං දන්නෙත් 5යි bro. ඒකත් හැමදාම කියන නිසා. නැත්තං ඒ ටිකත් sorry.com තමයි ඩෝ. අනික මේ කාලෙ නැඟල යන වැඩේ තමයි selfi ගහන එක.මොකක් ද  යකෝ මේ සිල. මල විකාර. උඹලට මොකද හිතෙන්නේ? විකාර නේද බං? මේවවත් බලපං. දෙවෙනි video එකේ අන්තිම විනාඩි 3 වගේ බලපං. කැමති නම් ඔක්කොම බලපං. මගෙ air craft ලෝකය ත් කියවපං යකෝ.







Monday, April 24, 2017

ලංකාවේ බේකරි කාරයෝ

මේ මං කියන්න යන කතාව, පාන් බනිස් කන අයට ගොඩාක් වැදගත්. ඒ 

හින්දා කතාව මුල ඉදලම කියන්නම්.

දැන් අවුරුදු දෙක තුනකට විතර කලින් අපි ගියා ගමේ. උදේට

එහෙන් කෑව. ඊට පස්සෙ ඉතින් සිරිත නෑගෙවල්වල 

යන එක නේ. එහෙම ගියා ම උදේට කාලා යන්න කියනවා. 

අපි කියනවා කාලා ආවෙ කියලා. ඒත් ඉතින් ඒ අය ප්ලේන් ටී  එකක් 

හරි හඳලා දෙනවා. අපිත් ඉතින් හකුරු කකා බොනවා. ඉතින් 

එහෙම ගම වටේ ම ගියාම ප්ලේන් ටී  හත අටක් විතර වදිනවා.
ඒක නෙවෙයි මං topic එකෙන් පිට ගියා වැඩියි වගේ. හරි කමක් 

නෑ. කොහොම හරි ආච්චිලා ගෙදරින් දවල්ටත් කෑව. Phone 

එකෙන් ගේමක් දෙකක් ගහනකොට නිකම්ම හවස් වුනා. අම්මා 

කිව්වා හංදියට ගිහින් මොනවා හරි කාලා එන්න කියලා. මාත් 

සල්ලි අරං ගියා. මේ තියෙන්නේ ඒ හංදියේ කඩවල් set එක.

ඉතින් මං ඔතන තියන 

එක කඩේකට ගියා. 

මට කඩේ මතක නෑ 

bro. මං කඩේ ලොකු උන්නැහැගෙන් ඇහුවා මොනව ද තියෙන 

බනිස් ජාති කියලා. ඒකා කියාගෙන ගියානෙ ඩෝ, ලෝකෙ 

තියෙන බනිස් ජාති සේරම. මට ඒවායින් හිත ඇඳිලා ගියේ ජෑම් 

පාන් වලට. මං ඇහුවා එකක් කීය ද කියලා. යන්නෙ කොහෙ ද

මල්ලෙ පොල්. ඒකා කියපි සැරටම ජෑම් තියනවා කියලා. මාත් 

ඉතින් පෙරේතයානෙ. කඩේ ඉස්සරහ තියන බෝඩ් එකෙන් ගාන 

බලලා සල්ලි ගෙවල ගත්ත එකක්. ගෙදර යන ගමන් ම කෑවා. 

විස්වාස කරපං බං ජෑම් තිබ්බෙ මේන් මෙච්චරයි.

මදැයි රසම රස ජෑම් පාන් එකක් කන්න ගියා. ඒ හින්දා ඕගොල්ලොත් 

හොඳට හිතල බලලා කිරලා මැනලා බනිස් ගනින්. ඔය කඩ කාරයෝ 

නම් විශ්වාස කරන්න එපා. ඕන් නොකිව්වයි කියන්න එපා. මං ගියා.

Sunday, April 23, 2017

mage nama saha mage wada

man me gawa gaththa nama hodada? ane manda. mata nan niyamaii.meka me kawruth mata kiyapu namak newei. malli  kaella awe ehen mehen dakala purudunamakin. e nma methanta adalane. awasara labunoth passe kiyannan.

ethakota plane kaella. e mama blog eka hadaddhi udin plane ekak giya. e hinda  plane malli  kiala dagaththa. echcharai.

video
mee video eka 10 wasara kenekutan maru. anith aytath prasnayak nee. blala comment dannako.